මෙවර ජිනීවාදී ලංකාවට ඡන්දය නොදුන් රටවල් බහුතරයක් කලින් ඡන්දය දුන් රටවල්..

Geneva
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

මෙවර පැවති ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ‍්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදුන් බහුතරයක් රටවල් කලින් ශ්‍රී ලංකාවට සහාය දුන් රටවල් බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි. එසේ ඡන්දය දීමෙන් වැළකී සිටි මුස්ලිම් රටවල් බහුතරයකට ඊට හේතු වී ඇත්තේ මෙරට සිදු කල බලහත්කාර ආදාහනය බවද ඔහු පවසයි. බුර්කාව තහනම් කිරීම, ඉස්ලාමිය පොත් පත් ගෙන්වීම තහනම් කිරීම වැනි යෝජනාද එම රටවල ඡන්දය ශ්‍රී ලංකාවට නොලැබීමට හේතු වූ බවද ජයතිලක මහතා කියා සිටියි. සිරස නාලිකාව සමග අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසුවේය.