ප්‍රධාන පෞද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයින් 100ක් භාර ගනියි

Corona
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

කොළඹ නාරාහේන්පිට පිහිටි ‘ලංකා පෞද්ගලික රෝහල’ මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

එම රෝහල යනු මගින් පාලනය කරන විශේෂ ප්‍රතිකාර ස්ථානයයේ දැනටම ආසාදිතයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙසේ ප‍්‍රතිකාර ගන්නා සියළු දෙනාම ප‍්‍රභූ හෝ ධනවත් මට්ටමේ අය වෙයි.

එමෙන්ම කොළඹ නවලෝක රෝහල ද මේ වෙනවිට ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පුද්ගලික රෝහල් වලට ද ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට අවස්තාව ලබාදී ඇති බවයි.