ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට මහේල පත්වෙයි?...

Namal Rajapaksa Mahela Jayawardene
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් පත් කෙරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

රටේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තමන් දිගටම කටයුතු කරන බවයි මෙහිදී මහේල ජයවර්ධන කියා සිටියේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයට අනුව අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරට මේ දක්වා කිසිදු නමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කොට නොමැති බවට වාර්තා වනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික තේරීම් කමිටුවට නමක් යැවිය යුතුයි. ඔවුන් නම යැවූ පසු කමිටුව එය අනුමත කර අවසන් අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවනු ඇතැයි” ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙක් නිව්ස්වයර් වෙත ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව ප්‍රමෝදය වික්‍රමසිංහ හෝ කපිල විජේගුනවර්ධන අසන්ත ද මෙල් වෙනුවට පත් කිරීමට නියමිතව ඇත.

2020 දෙසැම්බර් 4 වන දින පත් කරන ලද වර්තමාන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වේ

චමින්ද මෙන්ඩිස්

ප්‍රමෝදය වික්‍රමසිංහ

රංජිත් මදුරසිංහ

නිල්මිනි ගුණරත්න මහත්මිය

හේමන්ත දේවප්‍රිය

උවායිස් කර්නන්.