කොවිඩ් අස්සේ මහර ගමට යන එන අයට කම්සැප දුන්නු කාන්තාවන්ට වෙච්ච දේ

kurunagala maharagama prostitute alpitiya kaluthra
By Sewvandhi Apr 28, 2021 05:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

“සම්බාහන නාමපුවරු තිබුණට, පුහුණුව ලබපු කිසිම කෙනෙක් රැඳිලා හිටියේ නැහැ...”

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් වටලා එහි කළමනාකරුවන් දෙදෙනකු සහ කාන්තාවන් එකොළොස් දෙනකු ඊයේ (27 දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

මෙම කාන්තාවන් කුරුණෑගල, ඇල්පිටිය, කළුතර, බොරැල්ල සහ මහරගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18- 48 වයසේ පසුවන්නියන් බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ සුපිරි හෝටල්වල රැකියා කරන බව නිවෙස් වලට පවසා කොළඹට පැමිණ කුලී කාමරවල නැවැතී ගණිකා ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මහරගම, වත්තේගෙදර, පමුණුව, පොල්වත්ත ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානවලට උපාය දූතයකු යොදවා ලබාගත් තොරතුරුවලට අනුව කළ වැටලීමකදී මුදලට අලෙවිය සඳහා රැඳී සිටි මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම කාන්තාවන් හමුවට පැමිණෙන පුද්ගලයන්ගෙන් පැයක කාලයක් සඳහා රුපියල් 3000 සිට 6000 දක්වා මුදලක් අය කරන බව පැවැසෙනවා. වැටලීම් සිදුකළ ස්ථානවල සම්බාහන මධ්‍යස්ථාන ලෙස නාමපුවරු ප්‍රදර්ශනය කර තිබුණද, ඒ සඳහා පුහුණුව ලත් කිසිවකු හෝ රැඳී නොසිටි බවද සඳහන්.

මීට පෙර මෙම ස්ථාන මිරිහාන දූෂණ මර්දන ඒකකය මඟින් වටලා එහි කළමනාකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවැසූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පන්නිපිටිය - හෂාන් පුෂ්පික මව්බිම පුවත්පත..

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi