මා කුඹුර - බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයෙන් ජනතාවට පහසුකම් රැසක්...(PHOTO)

TRANSPORT CENTER
By Thaya Dec 25, 2020 11:28 AM GMT
Thaya

Thaya

Report

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ජනතාවට පහසුකම් රැසක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු සැලසුම්කර ඇත.එහි එක් පියවරක් ලෙස ඊයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන බැංකුවේ හා හැටන් නැෂනල් බැංකුවේ ATM කුටි විවෘත කිරීම සිදුවිය.ජාතික සංවර්ධන ලොතරැයි මංඩලයේ අලෙවිකුටියද අමාත්‍යතුමා අතින් එහිදී විවෘත කෙරිණ.

විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ධාවනය වන බස්රථ සේවාවක් මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගීන්ගේ පහසුකම් සඳහා -විශේෂ පහසුකම් රැසක් ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම පෞද්ගලික වාහන මගින් කොළඹට පැමිනෙන ජනතාවට තම වාහනය ගාල්කර පොදු බස් සේවාවක් (PARK AND RIDE)මඟින් කොළඹ නගරය වෙත ගමන් කිරීමට හැකිවන පරිදි බස් සේවාවක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙහිදී ප්‍රකාශ කලේය.ඒ අනුව කොළඹ නගරය වෙත ඇදී එන වාහන සංඛ්‍යාව අඩු වෙතැයිද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එන්.වී මොන්ටි රණතුංග ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එම්.ඩීඑල්.කේ අල්විස් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හැටන් නැෂනල් බැංකු නියෝජිතයින් ව්‍යපෘති අධ්‍යක්ෂක නාලක දිසානායක ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.

Gallery