LTTE වල දැමූ ආයුධ හා රත්තරං සොයා ස්ථාන දෙකක් හාරයි

LTTE
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Thaya

Thaya

Report

ඊයේ (17) එල්.ටීටී.ඊ සංවිධානයේ ප්‍රභලයින් රැසක් යුධ සමයේ රැදී සිටියේ යැයි සැක කරන ස්ථාන දෙකක ආයුධ හා එල්.ටීටී.ඊ සංවිධානයට අයත් රත්‍රන් වළදමා ඇති බවට වන තොරතුරක් මත කිලිනොච්චියේ ස්ථාන දෙකක් ආරක්ෂක අංශ කැනීම් කරනු ලැබුවා. කිලිනොච්චි මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය භාරතිපුරම් විද්‍යාලය ආසන්නයේ ස්ථාන දෙකක් එලෙස කැනීම් කර තිබෙනවා.

කිලිනොච්චිය පොලිස් නිළධාරීන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථාන කැනීම් සිදුකළ අතර පැය ගණනාවක් කැනීම් කළද අදාළ ස්ථාන තුළින් කිසිවක් හමු නොවු බව පොලිසිය සඳහන් කළා. කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් යුධ හමුදා නිළධාරීන් ග්‍රාම නිළධාරී ඇතුළු නිළධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම කැනීම් කටයුතු සිදු කර තිබෙනවා. මීට පෙරද ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක මෙලෙස කැනීම් සිදුකළද අදාළ ස්ථාන බහුතරයකින් කිසිවක් නොලැබුණ බව ආරක්ෂක අංශ සදහන් කළා.

ReeCha