අද සිට ලොතරැයි ටිකට්පත් අලුත් වෙයි..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

Business Mobile Sri Lanka Politician Sri Lanka Lottery Businessman
By Aruna Jul 06, 2023 02:01 AM GMT
Aruna

Aruna

Report

රුපියල් 20 කට අලෙවි කළ ලොතරැයියක මිල අද (06 දා) සිට රුපියල් 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව 1964 වර්ෂයේ ආරම්භ කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ 2008 වර්ෂයේ ආරම්භ කරන ලද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල රුපියල් 20 සිට 40 දක්වා වැඩි වේ.

මෙහිදී ලොතරැයි නියෝජිතයින්ට සහ බෙදාහැරීම් අලෙවි නියෝජිතයින්ට ලබාදෙන කොමිස් මුදල සියයට සියයක් (100%) වැඩිකර ඇති අතර ජයග්‍රාහී ත්‍යාග මුදල් ද දෙගුණය කර ඇත. දිනකට ලොතරැයි මණ්ඩල දෙක මගින් ලොතරැයි පත් හය බැගින් ලොතරැයි දොළහක් දිනුම් අදිනු ලබයි.

දිවයින පුරා දිස්ත්‍රික් අලෙවි නියෝජිතයෝ 100ක් අලෙවි නියෝජිතයෝ 2500ක් පමණ සහ අලෙවි සහයකයෝ 21000ක් පමණ සිටිති.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අජිත් ගුණරත්න නාරගල මහතා කටයුතු කරන අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස චමීර සී යාපා අබේවර්ධන මහතා කටයුතු කරයි.