දුර ගමන් සේවා දුම්රිය යළි ධාවනයට...

Train
By Thaya Jan 17, 2021 10:39 AM GMT
Thaya

Thaya

Report

කොරෝනා වයිරසය හේතුවෙන් නතර කර තිබු දුරගමන් සේවා දුම්රියයන් සියල්ල 18 වැනි සදුදා සිට යළි ධාවනයට එක් කෙරෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියයත්, කොළඔ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 03.35 ට මහනුවර බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියකුත්, උතුරු මාර්ගයේ පෙරවරු 05.55 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ගමන් අරඹන යාල් දේවී දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත්,පෙරවරු 11.50 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයෙන් උත්තර දේවී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත්,පෙරවරු 06.05 කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන උදය දේවී දුම්රිය මඩකලපුව දුම්රිය ස්ථානය දක්වාත්,කොළඔ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.35 ට මාතර බලා සීඝ්‍රගාමී දුම්රියකුත්, පස්වරු 03.00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දක්වාත් ධාවනය කෙරේ.

මේ අයුරින්ම බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට කොළඔ කොටුව බලා පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියත්, මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.15 ට කොළඔ කොටුව බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියකුත්,පෙරවරු 05.30 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන උත්තර දේවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත්, පෙරවරු 09.00 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන යාල්දේවී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත්,මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.10 ගමන් අරඹන උදය දේවී දුම්රිය කොළඔ කොටුව දක්වාත්,අළුයම 02.15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදාන දක්වාත්,පස්වරු 01.40 මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රිය මහනුවර දක්වාත් ධාවනය කෙරෙන බවද කසුන් චාමර මහතා වැඩි දුරටක් පැවසුවේය.


Gallery