රට ලොක්ඩවුන් කිරීමේ තීරණයක් ගැන ඖෂධ ඇමති කියයි.

Police Sri lanka Lockdowon Channa jayasumana
By Aruna May 10, 2021 02:48 AM GMT
Aruna

Aruna

Report

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු ලබන තීරණයක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

රජය ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට එම අදාළ අංශ වෙත නිදහස ලබාදී ඇති බව ද ඔහු පැවසීය.

ඒ අනුව ඔවුන් සිතන මට්ටම අනුව සීමා පැනවිය හැකි බවත් ඒ සඳහා රජයක් ලෙස දෙස මැදිහත්වීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now