පිළියන්දල හුදෙකලා බව ලිහිල් කරයි – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

lockdown covid 19 piliyandala Helth
By Sithumi May 02, 2021 04:24 PM GMT
Sithumi

Sithumi

Report

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අද උදෑසන පැනවූ හුදෙකලා බව ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රාමසේවා වසම් කිහිපයක ගමන් තහනම ඉවත්කර ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පිටවර ගන්න බවයි අද හමුදාපතිවරයා සඳහන් කළේ. අංක 584 ගොරකපිටිය,අංක 584/A නාම්පමුනුව,යන ග්‍රාම සේවා වසම් දැනටමත් හුදෙකලා කර තිබෙනවා. ඊට අමතරව,566 දාම්පේ,565 බටකැත්තර උතුර,582 A පැලැන්වත්ත නැගෙනහිර,572A කැස්බෑව දකුණ,569 මාකන්දන නැගෙනහිර,586 A මාවිත්තර උතුර 567 මඩපාත යන ග්‍රාමසේවා වසම් හෙට අලුයම 5 සිට ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට නියමිතයි. එමෙන්ම මහරගම පොලිස් බල ප්‍රදේශයේ 581 D ඇරැව්වල උතුර ග්‍රාමසේවා වසම හෙට අලුයම 5 සිට හුදෙකලා කරනවා