හෙට සිට පාරට ඒමට හැකි පිරිස ගැන පැහැදිලි කිරීමක්

Corona virus covid 19 travel restrictions කොරෝනා isolator
By Sithumi May 13, 2021 03:20 PM GMT
Report

 අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇතත්, ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර මෙන්ම ඖෂධ ඩිලිවරි සේවා ඔස්සේ ජනතාව වෙත ලබාදීමට පහසුකම් සලසා ඇතැයි පොලීසිය පවසනවා.

අද රාත්‍රී 11 සිට පනවන සංචරණ සීමා සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදාළ දින 03 හි කටයුතු පිළිබඳ අද පස්වරුවේ පැහැදිළි කළා. බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ එළවළු, පළතුරු, මාළු වැනි කල්තබා ගැනීම අපහසු ආහාර ද්‍රව්‍ය අදාළ කාලය තුළ අලෙවි කිරීම සිදුකළ නොහැකි ද යන්න පිළිබඳවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මැනිං වෙළඳපල හා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත වන බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now