විශාල ප්‍රදේශයක් එකවරම හුදෙකලා කෙරෙ

Lockdown covid 19 nuwara eliya
By Sewvandhi May 07, 2021 10:02 AM GMT
Report

 නුවරඑලිය දිස්ත්‍රික්කයට අයත් ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වොල්ට්‍රිම් ග්‍රාමසේවා 475-V වසමට අයත් තලවකැලේ තේ පර්යේෂණ ආයතන තාවකාලිකව වසා දමා එම ප්‍රදේශය සහ ඊට යාබදව පිහිටි සෙන් කුම්බ්ස් වතු යාය (07) දින හුදකලා කල බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න පවසනවා. තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් සහ කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්, ඉන් වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා තේ පර්යේෂණ ආයතනය සහ සෙන් කුම්බ්ස් වතු යාය හුදකලා කල බවයි සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ. තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ හදුනාගත් අසාදිතයන් ඔහුන්ගේ සේවක නිල නිවාස වලම තාවකාලිකව නතර කර ඇති බවත්, ඔහුන්ගේ ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්,එම ආශ්‍රිතයන්වද පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළා. හුදකලා කල ප්‍රදේශවල කිසිදු අයෙකුට පිටතට ඒමට හෝ පිටස්තර පුද්ගලයන්ට එම ප්‍රදේශයට ඇතුල්විමට තහනම් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩි දුරටත් කියා සිටියේ