මුළු රටම ලොක් ඩවුන් කරන්න...පාලනය කළ නොහැකි තත්ත්වයක්.
Covid-19
By Thaya
කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළා.
මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.