කොවිඩ් අවදානමක් හේතුවෙන් ප්‍රාදේශීය රෝහලක් වහා වසා දැමේ

Covid-19
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Report

බගවන්තලාව ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය අසාදනය වු රෝගියෙකු හමුවීමත් සමගයි. ඒ අනුව රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.

එම ආසාදිත කාන්තාව පාසල් ගුරුවරියක් වන අතර මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් සේවය කරන ඇයගේ සැමියාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා