කොවිඩ් නව ප්‍රභේද ගැන මෙරට විශේෂඥයින්ගේ මතය

Covid-19
By Thaya Feb 14, 2021 04:42 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් සියයට 50කට වැඩි ව්‍යප්ත වේගයක් සහිත කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට එරෙහිව මෙරට භාවිත කරන ඔක්සෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යහපත් ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, නව ප්‍රභේදය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ 'අද දෙරණ' සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් B.1.1.7 නම් කොවිඩ් නව වෛරස ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ද හඳුනාගැණුනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසූවේ, "එංගලන්තය සහ බටහිර රටවල් මේ ප්‍රභේදය නිසා සෑහෙන්න බැට කෑවා. 45,000ක් 60,000ක් විතර සමහර දවල්වල එංගලන්තයේ සිදුවීම් තිබුණා. එංගලන්තයේ ගියාට ඒ සීඝ්‍රතාවයෙන්ම ලංකාවේ ව්‍යාප්ත වෙයිද කියලා අපි දන්නේ නෑ. තවමත් 99%ක් රට තුළ පවතින්නේ සාමාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය. සතුටුයි කියන්න, ඇස්ට්‍රා සෙනෙකා සහ ෆයිසර් එන්නත් දෙකම නව ප්‍රභේදයට යහපත් ප්‍රතිචාර දක්වනවා. නමුත් දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එන්නත් වැඩකරනවා අඩුයි. අපි හැම මාසෙම සති දෙකකට සැරයක් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරගෙන යනවා. මොනා හරි වෙනසක් මුලදිම දැනගන්න ලැබුණාම ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්න පහසුවෙනවා." යනුවෙනි.