මීගමුව අතුරුදන් වූ දැරිය හමු වූ තැන

srilanka little girl Meegamuwa childran
By Sithumi Apr 18, 2021 10:04 AM GMT
Report

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා මහජන සහය පතන බව අප මින් පෙර වාර්තා කළෙමු. ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී තිබු පැමිණිල්ලක් අනුව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුවයි. එකී දැරිය ඇයගේ පියාගේ භාරයේ සිට සොයාගෙන තිබේ. ඒ අදාළ දැරියගේ මවගේ අනුදැනුමෙන් තොරව පියා විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියදී ය. කෙසේ වෙතත් මව සහ පියා මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වී ඇති නිසා දැරිය පරිවාස භාරයයට පත් කිරීමට තීරණය කර තිබේ.