නිදහසට සුරා සැල් වසයි.

Liquor
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Report

නිදහස් දිනය වෙනුවෙන් මේ මස 04 වැනි දින දිවයින පුරා ඇති සියළුම සුරා සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී ගුණසිරි මහතා පවසයි.

නිදහස් දිනට බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කළ හොත් අදාල බලපත්‍ර ලාභියාගේ බලපත්‍රය අත්හිටුවීමට හෝ දැඩි දඩුවම් පැමිණීවීමට නියමිතය.

මීට අමතරව නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ද නීතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.