20-20 කොදෙවි ශ්‍රී ලංකා තරඟයේ ජය සිංහයන්ට.

Cricket
By Thaya Mar 06, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර 20-20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කොදෙව්වන් පරදා මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 43 කින්. තරඟය කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී ලකුණු 160ක් රැස් කළා. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර ආරම්භක පිතිකරුවෙකු ලෙස අද තරඟයේදී ක්‍රීඩා කළ නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 117ක් පමණයි.

ඉතා අඟනා පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුල ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමුවා. පෙර තරඟයේ කඩුලු ත්‍රිත්වය ලබා ගත් අකිල ධනංජය ද සිය පන්දුවාර 04 නිමා කළේ ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක් දවා ගනිමින්. ලක්ෂාන් සඳකැන් පන්දුවාර 03යි පන්දු 04ක් යවා ලකුණු 10කට කොදෙව් කඩුලු 03ක් දඩයම් කළා. මෙම තරඟයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් අතරේ කඩුලු 08ක් බෙදී යාම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයත් සමඟ තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය තරඟ එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

ReeCha