මුව ආවරණ නොපැළඳ සිටින පුද්ගලයන් ඔසවාගෙන යාම තහනම් කෙරේ
මුව ආවරණ නොපැළඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වනවා.
මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |