රනිල්ගේ UK ගමන ගැන හොයන්න CID යැවූ ලිපියට විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිචාර නොදක්වයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ සිදුකළ සංචාරයට අදාළව තොරතුරු විමසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යොමු කළ ලිපිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් වේ.

පසුගිය පෙබරවාරි 4 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රශ්නාවලිය විද්‍යුත් තැපෑල (Email) මඟින් මෙන්ම ගුවන් තැපැල් (EMS) මඟින් ද එම විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් මහත්මිය සහ සහකාර විධායක නිලධාරියෙකු වෙත යොමු කෙරූ අතර එහි පිටපතක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ද යොමු කර ඇත.

අබිරහසක් ඉතිරි කරමින් නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

අබිරහසක් ඉතිරි කරමින් නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ සහභාගී වූ උපාධි ප්‍රදානෝත්සවය සඳහා එම විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය නිල මට්ටමේ එකක් ද නැතහොත් පෞද්ගලික මට්ටමේ එකක් ද යන්න තහවුරු කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්න 9කින් සමන්විත ප්‍රශ්නාවලියක් යොමු කර ඇති බව අධිකරණයට දන්වා ඇත.

නමුත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබී නොමැති බවයි.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි