තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට - ශ්‍රී ලංකාව ගැනත් අවධානය
By Shani
ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායක, ඉන්දිය සිනමා නළු තලපති විජේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වා තිබෙනවා. ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඔහු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසිභාවය ලබාදීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීමටත්, මෙරට සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙනුත්, තමන් පෙනී සිටින බවයි ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දිය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු සිදුකිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී තිබෙනවා.