Saloon යන්නෙ නැතුව නිවසේදීම ෆේශල් එකක් කරගමු
අවශ්‍යය උපකරන හා ද්‍රව්‍ය - ෆේශ් වොශ් එකක් , ක්ලෙන්සර් එකක් , ස්ක්‍රබ් , ෆේස් පැක් එකක් , ටෝනර් , මසාජ් ජෙල් එකක් , අෆ්ටර් ෆේශල් ක්‍රීම් එකක් , උනු වතුර දැමු බාස්ක්ට් එකක් හෝ ෆේස් ස්ටීමර් එකක් , පිම්පල් එක්ස්ට්‍රෑක්ටර් එකක් (ගොඩක් සැලූන්ස් වලින් ෆේශල් කරල තියෙන අය මේ ගැන දන්නවා ...නොදන්න අයට මන් පොටෝ එකක් දැම්ම ) නිවසේදීම ෆේශල් එකක් කරගන්න ගොඩක් අය කැමතියි මොකද සමහර සැලූන් වල දරන්න බැරි තරම් ලොකු මුදලක් charge කරන නිසා.... හැබැයි ඔයාලා මේ ක්ලෙන්සර් ,ස්ක්‍රබ් ඔක්කොම එකම බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න ඔනේ.....ෆේශල් එකේ පියවර......පලමු පියවර....
කොන්ඩේ මූනට වැටෙන්නැති වෙන්න පෝනි ටේලයක් දමා ගන්න....රෙදි බෑන්ඩ් එකක් නලලින් ඉහලට දමා කෙස් මූනට නොවැටෙන ලෙස රදවා ගන්න ...(පහලින් රූපයක් පෙන්වා ඇත)
දෙවන පියවර.....
ෆේශ් වොශ් එකෙන් තෙත් කරගත් මූනෙ බින්දු කිහිපයක් දමා හොදින් මසාජ් කරගන්න...ඒක මූනට ඇලිලා ඩ්‍රයි වෙනකන් කරගන්න....
තුන්වන පියවර .....
ෆේශ් වොශ් එක අලුතින් ගත් මේක් අප් කිරීමට යොදන ස්පොන්ජ් එකකින් හොදින් සෝදා ගන්න....
හතරවැනි පියවර.....
ක්ලෙන්සර් එකින් ස්වල්පයක් මූනේ තැනින් තැන ඩොට් ඩොට් තියලා හිමින් මෘදු ව මසාජ් කරගන්න මූනට ඇලී වේලෙන තුරු...
පස්වන පියවර ....
එයද ස්පොන්ජ් එකෙන් හොදින් ඉවත් කරගන්න.....
හයවන පියවර....
උනු වතුරින් හෝ ස්ටීමර් එකෙන් මූන හොදට ස්ටීම් කරගන්න....
හත්වන පියවර....
ස්ටීම් උනූ මූනේ බ්ලැක් හෙඩ්ස් වයිස් හෙඩ්ස් දැන් ගැලවීමට හැකි ලෙස ලිහිල් වී ඇති නිසා හොදින් ෆේශල් ස්ක්‍රබ් යොදා හොදට උරාගන්න කන් මසාජ් කරමින් මැරුනු සම ඉවත් කරගන්න......
අටවන පියවර......
ස්ක්‍රබ් හොදින් සෝදා ඉවත් කරගන්න......
නවවන පියවර...
පිම්පල් එක්ස්ට්‍රෑක්ටර් එකෙන් පිම්පල් ස් වල හැරව ඉවත් කරගන්න.....පිරිසිදු පුලුන් කැබැල්ලකින් හොදට ඒවා පිස දමන්න....
දහවන පියවර.....
ටොන්ර් එකෙන් පුලුන් කැබැල්ලකට ගෙන මූන පිස දමාගන්න...
එකොලොස් වන පියවර....
ෆේස් පැක් එක දමා 25මිනිත්තු තබන්න දොලොස් වන පියවර....
මසාජ් ජෙල් ආලේප කර හොදින් මසාජ් කරගන්න....
දහතුන් වන පියවර....
ෆෙශල් කිට් එකේ ක්‍රීම් එක ගාගන්න....