ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය..
Covid
Corona
Leasing
Loan gotabaya Rajapakshe
By Aruna
කොරෝනා හේතුවෙන්, පීඩාවට පත්ව සිටින ලීසිං හිමියන් සහ ණය හිමියන් සඳහා සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ, ඒ සම්බන්ධයෙන්, මේ වනවිට විවිධ ඉල්ලීම් ලැබී ඇති බවය.
දෛනික ආදායම් බිඳ වැටීම හමුවේ, පිඩාවට පත් ජනතාවට ලීසිං වාරික ගෙවීමේදී සහ ණය වාරික ගෙවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ පුර්ණ අවධානය යොමු කර ඇතැයි ද, ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේය.
ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කර, අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |