නීතිය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට යයි..

Law
By Thaya Mar 17, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත්කර ඇත. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ හා අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනුකාරක සභාව පත්කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය යන අය මෙම කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත. එහි ලේකම් ලෙස පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක කටයුතු කරයි.

මෙම මූලික කමිටුවේ යෝජනා ඇතුළත් වාර්තාව මාස දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙස ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් කමිටු සාමාජිකයන්ට උපදෙස් දී ඇත.