නව කොරෝනා ප්‍රභේදයක් ගැන නවතම අනාවරණයක්...
බ්‍රසීලයෙන් හමුවී ඇති කොවිඩ් -19 නව ප්‍රභේදයක් හේතුවෙන් එරට දෛනික ආසාදිතයින් සහ මරණ ඉහළ යමින් පවතින බව විශේෂඥයෝ පවසති. P 1 ලෙස හඳුන්වා ඇති එම කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇත. ඊයේ (10) එරටින් කොවිඩ් මරණ 2,286ක් වාර්තා වී ඇති අතර එරටින් දෛනික මරණ 2,000 ඉක්මවා වාර්තා වී ඇත්තේ පළමු වරට ය. මේ වන විට එරට සමස්ත කොවිඩ් මරණ ගණන 268,370කි. එය ලොව දෙවැනි වැඩිම කොවිඩ් මරණ වාර්තා වී ඇති රට වේ. කොරෝනා මරණ වැඩියෙන් ම වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.
මූලික දත්ත අනුව පෙනීයන්නේ P 1 කොවිඩ් වෛරස් ප්‍රභේදය මුල් ප්‍රභේදයට වඩා දෙගුණයක් වේගයෙන් පැතිර යන බවය. එසේම කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයෙක් ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහැර එම පුද්ගලයා ව නැවතත් ආසාදිතයෙක් බවට පත්කිරීමට එම නව ප්‍රභේදයට හැකියාව ඇති බව වෛද්‍යවරු පවසති. එබැවින් P 1 ප්‍රභේදය නැවත ආසාදනයවීමට 25% ත් 60% ත් අතර හැකියාවක් පවතී. නමුත් මෙම ප්‍රභේදය කොව්ඩ් එන්නත් මගින් පාලනය කළ හැකි බවට හඳුනාගෙන තිබේ. බ්‍රසීලය මෙතෙක් ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම අරඹා නැත. එන්නත්කරණ වැඩසටහන කඩිනමින් ආරම්භ නොකළහොත් එරට තත්ත්වය තවත් දරුණු විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.