කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට නවතම රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්
කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා කොරෝනා වයිරස් ප්‍රතිදේහ පරික්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කිරීමට හැකිවීම විශේෂත්වයක්.එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ.
මෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාව, තායිවානය ඉන්දියාව, තායිලන්තය, යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් ද එක්ව සිටියාය.මූලික අත්හදා බැලීම් වල දී ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් එම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිතා කිරීමට හැකි බවයි එහි පර්යේෂකයින් පවසන්නේ.මෙම පරීක්ෂණය හරහා විශාල පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ප්‍රජාව තුළ ආරක්ෂිත ප්‍රතිශක්තිය පිළිබඳ මට්ටම් වඩාත් පහසුවෙන් සොයා ගත හැකි වනවා.
කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ තිබේ ද යන්න හඳුනාගත හැකි හැකි වාණිජ පරීක්ෂණ කිහිපයක් දැනටමත් ඇති නමුත් ඒවා මිල අධික වන අතර එම පරීක්ෂණ විශ්ලේෂණය සඳහා පහසුකම් සහිත රසායනාගාර ද අවශ්‍ය වෙනවා.මෙය විශේෂයෙන් අඩු ආදායම් ලබන රටවල ට ගැටලුවක්ව පවතිනවා.මේ අතර මෙම පරීක්ෂණය සඳහා මෙරටින් එක් වූ මහාචාර්ය නීලිකා මලවිගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නියැදි 3000 ට වඩා පරික්ෂා කළ බවයි.