කොරෝනා ආසාදනය වීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මරුට..

TNA Thureirathnam Last pm Parlament
By Aruna May 18, 2021 02:15 AM GMT
Report

කොරෝනා ආසාදනය වීමෙන් කල්මුනේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.තුරෛයිරත්නසිංහම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ (17) කන්තලේ රෝහලේ දී මියගොස් තිබේ. මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද පසුගිය දා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now