උඩින් ගිහින් වැටලු මහා පරිමාණ වැලි ජාවාරම (PHOTOS)
trincomalee
sand smuggling
special air force
muthur siththaar
varuna jayasundhara
By Sewvandhi
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය මූතූර් සිත්තාර් පාලම අසල මහා පරිමාණ වැලි ඡාවාරමක් වටලා ටිපර් රථ 21ක්, බෝට්ටු 34ක් සමග සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් මෙැවනි ආකාරයේ වැටලීමක් සිදුකරනු ලැබුවේ ඉතාහාසයේ ප්‍රථම වතාවට බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතා පැවසිය.
මෙහිදී ටිපර් රථ 21 ක්, ට්‍රක් රථ 08ක්, ට්‍රැක්ටර් 13ක්, බෝට්ටු 34ක්, යතුරුපැදි 37ක් ජංගම දුරකතන 21 ක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |














