මහා පරිමාණ යතුරුපැදි සොරෙකු අල්ලා ගැනේ..(VIDEO)මෙන්න ඔහු කරපු වැඩ ටික.

Police
By Thaya Mar 05, 2021 07:38 PM GMT
Thaya

Thaya

Report

විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකුව අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් ද එහිදී සොයාගෙන තිබේ. දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් යතුරුපැදි ගණනාවක් අදාළ සැකකරු විසින් සොරකම් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට අලෙවි කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, මෙම සැකකරුගෙන් යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවය.