අද මෙරට දෙවන වරට ආසාදිතයන් විශාල ප්‍රමාණයක්

Covid Infections
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Report

අද (05) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 255ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එසේම මේවන විට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 45,721 කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 479ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977කි.