අද දෙවන වරට විශාල ආසාදිතයන් ප්‍රමාණයක්, දෛනික ආසාදිතයන් ගණන එකවරම වැඩිවේ.

Covid-19
By Thaya Jan 23, 2021 01:32 PM GMT
Report

අද (22) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 438ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 784ක් වේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 56,863ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 48,617කි