ගෑස් සිලින්ඩරයත් දුටු තැන වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.

Gas silinder Larfe gass
By Aruna Apr 25, 2021 08:24 AM GMT
Aruna

Aruna

Report

ලාෆ් සමාගම විසින් දිවයින පුරා වෙලදපොල වෙත නිකුත් කල ලීටර් 18 නව ගෑස් සිලින්ඩර වහාම අත් අඩංගුවට ගන්නා ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් එහි වැටලීම් අංශයේ ප්‍රධානියා වෙත නියෝග කොට ඇත බව වාර්තාවේ.

මෙරටේ සම්පූර්ණ ගෑස් වෙළෙඳාම ප්‍රධාන සමාගම් 2 ක් විසින් සිදුකරන අතර එය ජාත්‍යන්තර ෂෙල් සමාගමේ අනුප්‍රාප්තිකයා වන ලිත්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ මෙරටේ ප්‍රධාන පෙලේ ආයෝජකයකු වන ඩබ්ලිව් කේ එච් වේගාපිටිය මහතාට අයත් ලාෆ් ගැසක් යන සමාගම්‍ ය, ඉහත සමාගම් 2 විසින්ම මේ වනවිට වෙළෙඳපොළට සමාගමේ නව නිෂ්පාදනයන් ලෙස දැනට වෙළෙඳපොලේ අලෙවිකරන ගෑස් සිලින්ඩරවලට අමතරව හයිබ්‍රිඩ් වර්ගයේ ලීටර 18 ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හදුන්වා දුන්නේ පසුගිය සතියේදී සිට මසකට 4 දෙනෙකුගෙන් යුක්ත පවුලකට රුපියල් 1395/= ලෙස සටහන් කරමිනි.

එහෙත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය නිසියාකාරව දැනුවත්කොට අවසරයක් ලබා නොගත්තේය යයි පවසමින් එම නව නිෂ්පාදනයන් වෙළෙඳපොලින් ඉවත් කල යුතු බවට පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිට නියෝග කොට ඇත.