ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු අද තම රට තුළදීම දැවැන්ත ලෝක වාර්තාවක් අභියස.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අතර,කලක් තිස්සේ අසාර්ථක වන කුසල් මෙන්ඩිස් මේ තරඟයේද ප්‍රථම ඉනිමේදී ලකුණු 0 කට දැවී එක දිගට
ටෙස්ට් ඉනිම් හතරකදීම ලකුණු 0 කට දැවී යාමේ අපකීර්තිය අත්විඳ තිබෙනවා.
මෙම තරඟයේ දෙවෙනි ඉනිමේදීද කුසල් මෙන්ඩිස් යම් හෙයකින් ලකුණු නොලබා දැවී ගියහොත් ලකුණු නොලබා එක දිගට වැඩිම ඉනිම ප්‍රමාණයක් දැවී ගිය ලැයිස්තුවේ පළමුවැනියා ලෙස වාර්තාවකට හිමිකම් කියනු ඇත.
මීට පෙර ආර්.ජී හෝලන්ඩ් ඉනිම 5 කදී ලකුණු නොලබා දැවී යාම නිසා කුසල්ට තාම හිමිව ඇත්තේ දෙවැනි තැනයි.
ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක් වෙයි.
මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.
අංක 1 සිට 6 දක්වා වන පිතිකරුවන් අතරින් ටෙස්ට් තරගවලදී අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කළ සිව්වන පිතිකරුවා බවට ද කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක් වුණා.
මීට පෙර අංක 1 සිට 6 දක්වා වන ටෙස්ට් පිතිකරුවන් අතරින් පහත සදහන් පිතිකරුවන් අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කර තිබුණ අතර ඒ පහත තරගවලදීය.
Pankaj Roy (IND) 1952 vs England
Lawrie Miller (NZ) 1953-54 vs South Africa
Mark Waugh (AUS) 1992 vs Sri Lanka
