ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට යයි.. කොරෝනා ආසාදිතයන් නිවසේම රදවන්න සූදානම්..
Covid-19
Sri Lanka
By Thaya
කොරෝනා වෛරසය ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙනෙන ආසාදිතයන් තම නිවෙස් තුළම රැඳවීමට රජයේ අවධානය යොමුව ඇත.
කොරෝනා මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බවයි.
ඒ අනුව ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම යෝජනා කර ඇත්තේ තවදුරටත් මෙම වියදම දැරීමට නොහැකි වීම සහ සෞඛ්‍ය පද්ධතිය ඉඩකඩ සීමා වීම මත රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් නිවසේ රැඳවීම වඩාත් යෝග්‍ය බවයි.