ක්‍රිකට් ලොක්කන්ගේ ආදරය දිනූ කුසල් මෙන්ඩිස් අදත් බිංදුවට යයි - ලොව වේගවත්ම බිංදු වාර්තාවට තවත් අඩියක් පසුපසින්

Kusal Mendis
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් පිට පිට දෙවන ඉනිමේදීත් ලකුණු නොලබා දැවී ගියා.

කුසල් මෙන්ඩිස් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ඉනිම් 23 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී වේගවත් බිංදු 25ක වාර්තාව තමන් සතු කර ගැනීමට කුසල් මෙන්ඩිස්ට අවශ්‍ය වී තිබෙන්නේ ඉනිම 15ක් තුල තවත් බිංදු දෙකක් පමණක් වීමද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර ගෙන සිටිනවා.

ReeCha