යුක්රේනයෙන් පැමිණ සංචාරකයන්ගෙන් 3කට කොවිඩ් 19

Covid-19 Ukraine
By Thaya Jan 02, 2021 06:20 AM GMT
Report

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (29) දිනයේදී මෙම පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව මොවුන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.