කොවිඩ් එන්නත හෙට දිවයිනට .....
ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන කොව්ඩ් එන්නත ලබා දීය හැක්කේ මෙරට ජනගහණයෙන් 20% ක පිරිසකට පමණක් බවත්, ඉතිරි අය වෙනුවෙන් රජය කඩිනමින් එම එන්නත ගෙනඒමට කටයුතු කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හෙට (28) දිවයිනට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් තොගය භාර ගැනීමට සියල්ල සුදානම් බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (27) පැවැත්විණ.
“කොවිඩ් එන්නත ලංකාවට ආවට පස්සේ එය ලබාදෙන ක්‍රමවේදය මේ වන විට සකස් කර තිබෙනවා. මුලින් ම එය ලබාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අයට. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට. ජනතාවත් එක්ක නිතර ගැටෙන අයට අනතුරුව මේ එන්නත ලබා දෙනවා. එක දවසකට දෙන්න පුළුවන් ප්‍රමාණය මේ වන විට තීරණය කර තිබෙනවා. පුළුල් අධ්‍යනයකින් පසුව තමයි මේ එන්නත ලබා දීමේ වැඩසටහන සංවිධානය කළේ. හෙට (28) ඉන්දියාවේ සිට මෙරටට ගෙනඑන පළමු එන්නත් තොගය භාර ගැනීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.
කොවිඩ් එන්නත ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙනුත් විපක්ෂය සුපුරුදු පරිදි බොරු මත හදන්න හැදුවා. ඔවුන් කීවේ මේ කොවිඩ් එන්නත ගේන එක ගැන ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ කියලයි. කොවිඩ් එන්නත් කීපයක් ලෝකයේ දැන් තිබෙනවා.අපේ රටට ගැළපෙන ම කොවිඩ් එන්නත තමයි අපි ගේන්නේ. මුලින් ම ඉන්දියාවෙන් ලක්ෂ 05ක් විතර නොමිලේ හම්බෙනවා.
සංචාරක කර්මාන්තයේ නිරත අයටත් මේ එන්නත් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. එහෙම වුණොත් යළි සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී පණවා ඇති දැඩි නීතිරීති ලිහිල් කිරීමට හැකිවේවි. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන ලංකාවේ ජනගහණයෙන් 50%ක් 60%ක් අතර ප්‍රමාණයට තමයි මේ එන්නත ලබා දෙන්න පුළුවන්. ඒක සෞඛ්‍ය අංශවල තීරණයක්.
ඉන්දියාවෙන් අපිට ලැබෙන්නේ 20% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි ටික රජයේ වියදමෙන් ගෙන ඒමට කටයුතු කරනවා.”
ප්‍රශ්නය - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලබාදෙනවා ද?උත්තරය - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිනිස්සු. විශේෂ අය නෙමෙයි. ඒ අයටත් ලෙඩ හැදෙනවා. ඒ අයත් සමාජයේ ගැටෙනවා. කොවිඩ් පාලනය කිරීමේ පරිපාලන කටයුතු වල දී ඔවුනුත් දායක වුණා. ඒ නිසා ඒ අයටත් එන්නත් දිය යුතුයි. ප්‍රමුඛතාව තිබෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලටයි.
