අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොවිඩ් එන්නත් ලබන මස සිට
Covid-19
By Thaya
මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය. ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය. එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.