අද සිට සෑම දිස්ත්‍රික්කයකම කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි
කොරෝනා වෛරසයට එරෙහිව මෙරටතුල එන්නත්කරණ ක්‍රියාවළිය ආරම්භ වූ ඊයේ දිනයේදී 5286 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා.
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස එන්නත් ලක්ෂ 5 ක ප්‍රමාණයක් පෙරේදා මෙරටට හිමිවූ අතර කොරෝනා මර්ධන රාජාකාරීවල නිරත සෞඛ්‍ය අංශයේ සහ ආරක්ෂක අංශයේ ඉදිරිපෙළ සේවකයන් වෙත පළමු අදියර යටතේ මෙම එන්නත ලබාදීමටයි සැළසුම කර ඇත්තේ.
ඒ අනුව ඊයේ දිනයේදී කොළඹ ජාතික රෝහලේදී 1886 ක් , රාගම ශික්ෂණ රෝහලේදී 803 ක් , කලුබෝවිල ශික්ෂණ රෝහලේදී 781 ක් , නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී 600 ක් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේදී 400 ක් වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
රි–වේ ආර්යා ළමා රෝහලේදී 382 ක් , හෝමාගම මූලික රෝහලේදී 190 ක් , මුල්ලේරියාව මූලික රෝහලේදී 108 ක් , අයිඩීඑච් රෝහලේදී 80 ක් සහ වැලිසර නාවික හමුදා කඳවුරේදී 56 දෙනෙකු වශයෙන් ඊයේ දින එන්නත් ලබාදී තිබෙනවා.
මේ අතර අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලදී කොවිෂීල්ඩ් එන්නත සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබාදීම ආරම්භ වනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 7500 කට අද දිනයේදී කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.
ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුනු ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 31 000 ක් යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ලැබී තිබෙනවා.
අනුරාධපුර ,මින්නේරිය , ත්‍රිකුණාමලය , මන්නාරම , වව්නියා , අම්පාර ප්‍රදේශවල පිහිටි යුද හමුදා රෝහල්වලදී එම එන්නත්කරණ කටයුතු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට අමතරව හම්බන්තොට සහ බූස්ස ප්‍රදේශවල රාජකාරියේ නිරත 12වන සහ 61 වන සේනාංකවල සාමාජිකයින් සදහා ජංගම වෛද්‍ය රථ මගින් එන්නත දීමට නියමිතයි.
යුද හමුදාවට ලැබී ඇති එන්නත් තොගය පළමු අදියර යටතේ ඉදිරි දින 3 තුල එන්නත් කිරීමට සැළසුම් කර ඇති බවද බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.