විවාහ උත්සවයේදී ඇදවැටී මියගිය මනාලියගේ මිත්තණියට කොවිඩ්

Covid-19
By Thaya Feb 27, 2021 06:46 PM GMT
Report

කොටදෙනියාව ප්‍රදේශයේ ඊයේ (25) පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 77 හැවිරිදි කාන්තාවක් හදිසියේ ඇදවැටීම හේතුවෙන් මියගොස් තිබුණි. මනාලියගේ මිත්තණිය මෙලෙස මියගොස් තිබුණි. සෞඛ්‍ය අංශ පැවසුවේ, දඹදෙනිය මූලික රෝහලේදී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ, ඉන් අනතුරුව මනාල යුවළ නිරෝධායනයට යොමුකළ බවය. එමෙන්ම විවාහ උත්සවයේදී ආසාදිත කාන්තාව සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් 42 දෙනෙකු ද නිරෝධායනට යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.