එක් ප්‍රදේශයක මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

Covid
By Thaya Jan 02, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා සඳහන් කළේ, ඔවුන් පයාගල, පොතුවිල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

පසුගිය දෙසැම්බර් 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග ඊට සහභාගී වූ පිරිස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට භාජනය කර තිබේ.

එහිදී මනාලිය ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ආර්.ජී.සිංහබාහු මහතා සඳහන් කළේය.

“දෙසැම්බර් 16 වන දින මංගල උත්සවයක දී මනාලිය සහ ඇයගේ ඥාතීන් පොසිටිව් වීම නිසා දෙසැම්බර් 21 වන දා අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කළා. එහිදී අපිට හඳුනාගන්න පුළුවන් වෙනවා 31 දෙනෙක්. ඇන්ටිජන් එක පොසිටිව් වෙනවා. ඒ සමගම තවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් අපි සොයා බලමින් පෙරේදා දින අපි නැවත වරක් ඇන්ටිජන් පරීක්ෂාවට කණ්ඩායමක් සම්බන්ධ කරනවා. එහිදී අපි නැවත වරක් 21 ක් හමුවෙනවා. මීට අමතරව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මෙම මංගල උත්සවයට සහභාගී වු 6ක් පොසිටිව් වෙලා තියෙනවා. ඊට අමතරව මොරවක, දෙණියාය, කළවාන ප්‍රදේශවලත් මෙම මංගල උත්සවයට සහභාගී වු කණ්ඩායමෙන් රෝගීන් කිහිපදෙනෙක් මේ වන විට වාර්තා වෙනවා. ඔවුන් දැන් රෝහල්කරා යොමුකරලා තියෙන්නේ. ඊට අමතරව තවත් මේ උත්සවයට සහභාගී වු කණ්ඩායම නිරෝධායනයට ලක්කරලා තියෙනවා. පළමු ආශ්‍රිතයින් හැටියට ඔවුන්වත් ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිකයි.“

මේ අතර ඊයේ දිනය වන විට කළුතර සෞඛ්‍ය විද්‍යාතන බලප්‍රදේශය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන් 900කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.