මාර්ගෝපදේශ නිකුත් කිරීමට පෙර කොවිඩ් මරණ භූමදානය සඳහා තැනක් සොයා ගන්න අවශ්‍යයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

Covid-19
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය සිදුකිරීමට හැකි ස්ථානයක් සොයා ගත යුතු බවත් ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සිදුකළ හැකිවන්නේ ඉන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ” කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මල සිරුරූ භූමදානය සිදුකරන්න අවශ්‍ය භූමියක් සොයා ගත යුතුයි. පසුව එම ස්ථානයේ භුමියේ ජල මට්ටම ගැන වාර්තාවක් කැඳවන්න අවශ්‍ය වෙනවා. කොවිඩ් ආසාදිත මරණ භූමදානය සඳහා සුදුසු ස්ථානයක් සොයා ගෙන ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සහ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීම සිදුකරනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ස්ථානය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කොවිඩ් මර්ධන කමිටුවට යොමු කරලා අවශ්‍ය අවසරය ගන්න සිදුවනවා. මෙය ඉතා ඉක්මනින් කරන්න බලාපොරොත්තු වනවා. කාට හරි අවශ්‍ය වෙනවා නම් මරණ භූමදානය කරන්න ඕනෑමයි කියලා මේ සියල්ල සිදුකරනකම් ශිතාගරවල මරණ තැම්පත් කරලා තියාගන්න අවශ්‍ය වෙනවා. මාර්ගෝපදේශ නිකුත් වනතෙක් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව නැහැ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.