මෙරට කොවිඩ් මරණ ගණන එක වරම වැඩි වෙයි.

Covid-19
By Thaya Jan 16, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.