කොවිඩ් මරණ ගණන 559 දක්වා ඉහළට
Covid-19
By Thaya
අද (27) දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 559ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර, අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 260ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,821ක් දක්වා ඉහළගොස් ඇත