කොවිඩ් මරණ 280 දක්වා ඉහළට

Covid-19
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Report

අද (23) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 280කි.

එසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවකි.

මරණ දෙක ම හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ