වෙළෙඳ කලාපවලින් ද නැවතත් කොවිඩ් පොකුරු
වෙළෙඳ කලාපවල ආයතන ගණනාවක මේ වනවිට කොවිඩ් පොකුරු නිර්මාණය වෙමින් පවතින බව වෙළෙද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණි රත්නයක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නොසලකා ආයතන පාරිපාලනය විසින් සිය ඉලක්ක සපුරා ගැනීමට පමණක් අවධානය යොමුකර ඇති බවය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"මේ වනවිට වෙළෙඳ කලාපයේ ආයතන ගණනාවක වෙන වෙනම කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් තියෙනවා. ආයතන පරිපාලනයන් මේ සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ආණ්ඩුවත් මේ වගකීමෙන් නිදහස් වෙලා. ඒ නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමුකළ යුතුයි. ආයතන පාලනාධිකාරියට මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න විතරයි. PCR කරලා වාර්තාව එනකම් එකට වැඩකරනවා. පොසිටිව් වුණාම අයින් කරනවා," යනුවෙනි.
මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබුණි. ඒ අනුව පසුගිය දින 3ක කාලය තුළ පමණක් ආසාදිතයින් 100 දෙනෙකු එම වෙළෙඳ කලාපයෙන් වාර්තා වීම විශේෂත්වයකි. වවුනියාවේ ඇඟලුම් ආයතනයකින් ද කොවිඩ් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන තිබේ. 700කට ආසන්න පිරිසක් එහි සේවයේ නියුතු අතර ඔවුන් සියලුදෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.