එක් ප්‍රදේශයක ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොවිඩ්

Covid-19
By Thaya Jan 30, 2021 05:56 PM GMT
Thaya

Thaya

Report

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීම් සඳහා රඳවා සිටින සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ අතරින් එම ආසාදිතයින් 16 දෙනා හඳුනාගත් බවය.

මේ අතර පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ සේවක සේවිකාවන් 800ක් පමණ සේවයේ නියුතු ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් 38 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) තහවුරු වී තිබුණි.

ඒ අනුව, අදාළ ආයතනයේ 300 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ අද සිදුකළ අතර දැනට එම ආයතනයේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.

මුතියංගණය රජමහා විහාරස්ථානය අසල සිඟමන් යදිමින් සිටි 60 හැවිරිදි යාචකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

ඒ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට පැමිණි අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදීය.

ඒ අනුව යාචකයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය