කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන යයි

Report

නායයෑමේ අවදානමක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් වසා තිබූ කොත්මලේ තවලන්තැන්න, කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ, පාසල තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී තාවකාලිකව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

මෙම තීරණය, පාසලට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් සහ පාසල රම්බොඩ ප්‍රදේශයේ නායයෑම ආරම්භ වී තිබීමේ තත්ත්වය සලකා බැලීමෙන් ගෙන ඇති අතර, එමෙන්ම පාසලේ ඉගෙනුම ලබන ළමුන් සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සහ මානසික සුවතාවය මුල් කරගෙන යාමක් බවද සුරවීරආරච්චි මහතා පැවසීය.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බැවින්, හිස් ගොඩනැගිලිවල පන්ති කාමර සකස්කර ඉදිරි දින කිහිපයේදී අධ්‍යන කටයුතු පැවැත්වීමට කොත්මලේ කලාප කාර්යාලයේ නිලධාරින් විසින් අවශ්‍ය මුලික කටයුතු සිදු කරන බවද සඳහන් කළේය.

මෙම පාසලේ 1 වසර සිට 11 වසර දක්වා 143 දෙනෙකුගෙන් සමන්විත ළමුන් කණ්ඩායමක් සහ ආචාර්ය මණ්ඩල 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් පවතින බවද දැනුම් දී ඇත.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්