උපන්දින සාදය දා පෙම්වතා විසින් අතවරයට ලක් වූ 12 හැවිරිදි දැරිය

police koswaththa morakale kottaramulla harassments
By Sewvandhi May 12, 2021 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා තිබෙනවා.

කොස්වත්ත පාර මොරකැලේ පදිංචි වින්දිත දැරියගේ මව සිය පැමිණිල්ලේ තම සැමියා සහ දරුවන් තිදෙනා සමඟ කුලී නිවසක පදිංචිව සිටින බවත් තමාගේ ලොකු දුව ඉහළ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

තමා එම සම්බන්ධයට මුලින් විරුද්ධ නොවූ නමුත් පසුව එම සම්බන්ධයට විරුද්ධවූ බවත් තම සහෝදරියගේ පුතාගේ උපන් දින උත්සවයක් තම නිවසේ පැවැත්වෙද්දී දියණිය රහසින් තම නිවසින් පිටව ගොස් තිබූ බවත් සොයා බැලීමේදී පෙම්වතාගේ නැන්දා කෙනෙකුගේ නිවසට කැඳවාගෙන ගොස් එහිදී අතවරයට ලක්කර ඇති බව දැනගත් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොස්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. ඒ. සී. ජයනාත් මහතා වයස අවුරුදු 18 ක්වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියව මාරවිල රෝහලට වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now