කහ ඉර මත සිදුවු අනතුරක් (CCTV දර්ශන)

colombo hospitel kosgama accident awissawella injurde
By Sewvandhi Apr 22, 2021 10:08 AM GMT
Report

කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ දී කහ ඉරක් මතින් පාර මාරුවීමට යෑමේ දී පුද්ගලයෙක් ත්‍රීරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ. රාත්‍රී 7ට පමණ අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පදිකයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට වෙත මාරුකර යවා ඇත.

එලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 70ක් වු අලුත් අම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථය කහ ඉර මතින් ගමන් කරමින් සිටි පුද්ගලයාගේ ගැටෙන අතර අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ. කොස්ගම පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර එම අනතුරේ CCTV දර්ශන පහතින් දැක්වේ